වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණ පුණ්‍යමහෝත්සවය

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ අරිහතුන් වහන්සේලාගේ අති උත්තම ගුණස්කන්ධය උදෙසා, දෙව් මිනිස් බබුන් විසින් වන්දනාමාන කෙරෙන සේ, අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහ තෙරුණ වහන්සේ වැඩ විසූ අනුරාධපුර අරිය චින්තාශ්‍රම බොදු සෙනසුනේදී අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කර සම්බුද්ධ සාසනයට පිදෙන පුණ්‍යමහෝත්සවය. වර්ෂ 2018 ක්වූ ඇසල මස (ජූලී) 28 වන දින අනුරාධපුර අරිය චින්තාශ්‍රම බොදු සෙනසුනේදී පැවැත්වේ. 29 වන දින ආර්‍ය මහා සංඝරත්නය උදෙසා දහවල් දානය පූජා කිරීමට කටයුතු සලසා ඇත.