සෝතාපන්න වීම කෙසේ සිදුවේද?
ලො ව්තුරා බුදුවරයන් වහන්සේලා සහ පසේ බුදුවරයාණන් වහන්සේලා හැර, යම් නැණවතෙක් තනියෙන් කොහොම කල්පනා කළත්, හට ගත් සියල්ල හේතු ඵල ධර්ම බවත්, හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වන බවත් වැටහිලා, එයින් මාර්ග ඵලවලට පත්වීමක් සිද්ධ වෙන්නෙ නෑ. බණ අහන මොහොතකම සෝතාපන්න මාර්ග ඵලය ලබන බව දහම් නියමයක් විදිහට බුදු දහමේ සඳහන් වෙනවා. සෝතාපන්න ඵලය පරතෝඝෝෂක ප‍්‍රත්‍යය (වෙනත් කෙනෙක් විසින් නගන හඬ අසා) මුල් කරගෙනම පහල වෙනවා.
අරූපාවචර ලෝකවල සෝතාපන්න අය පහල නොවන බවත්, මෙලොවදී බණ අහල සෝවාන් වෙච්ච අය අරූපාවචර දැහැන් ලබල හිටිය නම්, මරණින් මතු අරූපාවචරයේ ඉපදිලා ඉතිරි මග ඵල එහිදී ලබන බවත් පෙළ දහම් පොත්වල සඳහන් වෙනවා.
තනියෙන් භාවනා කර කර ඉන්න සමහර අය, යම් යම් ගති ලක්‍ෂණවලට පත් වෙලා, එ් මනෝ රූප ස්වභාවයන්ට මග ඵල කියල රැුවටිලා ”මම සෝතාපන්න වෙලා” කියල හිතනවා. සමහරවිට එබඳු හැඟීම් පහල කරන්න පුළුවන්. එ් අය මේ කරුණු ගැන කල්පනා කරල බලන්න.
බුදු රජාණන් වහන්සේ සමහර ශ‍්‍රාවකයන්ට කර්මස්ථාන ලබා දුන්න තැන් ගැනත් ධර්මයේ සඳහන් වෙනවා. නමුත් කොච්චර දුරක ඉඳගෙන එ් කර්මස්ථාන වැඩුවත්, මග ඵල ලබන්න මෝරල තියෙන මොහොත මහා බුද්ධ ඥානයටම ගෝචර වෙන දෙයක්. එ් වගේ අවස්ථාවක උන්වහන්සේ මනෝමය ඍද්ධියෙන් හෝ පෙනී ඉඳල සාමුක්ඛන්සික කියන දේශනාවක් කරනවා. මාර්ග ඵලයට පත්වෙන්නෙ එ් මොහොතේ. විශේෂයෙන් පළමු මාර්ග ඵලය ලබපු අය කෙරෙහි උන්වහන්සේ එ් තරම් උනන්දු නොවන බවත් සමහර තැන්වල දේශනා කරල තියෙනවා.
එහෙම කරන්නෙ ඇයි? මාර්ග ඵල පිළිබඳව නොයෙක් අදහස් මතු වන මේ කාලයේ මේ පිළිබඳව විමසීමක් කිරීම කාලෝචිතයි. දැන් මෙහෙම හිතල බලමු.
ලෝකයේ ගස්, වැල් කියල දෙවර්ගයක් තියෙනවා. ගස්වල ස්වභාවය තමයි තනියෙන් නැගී සිටීම. නමුත් වැල් වර්ගවල උපන් ස්වභාවය තමයි, යමක ආධාරයෙන්ම ගහක හෝ ආධාරකයක හෝ දැවටිලා නැගී සිටීම. වැලක් වැටෙන්නෙ නැතිව දරා සිටින තත්ත්වයට පත්වෙන්න නම්, පහත් වෙච්ච ගහක අත්තක් හෝ තිබිල එ්කෙ වෙලෙන්න ඕන. එහෙම නැත්නම් රිටක්, ඉපලක් හෝ ආධාර කරගෙන ගහක වෙලෙන්න ඕන. ගහේ හොඳට වෙළුනට පස්සෙ ආධාරක රිට නැතත් ගහේ ශක්තියෙන් වැල වැටෙන්නෙ නැතිව දරා හිටිනවා. වැලත් වර්ධනය වෙනවා.
එ් වගේම ලොව්තුරා බුදු රජාණන් වහන්සේ මහා වෘක්‍ෂයක්, මහා ගහක් වගේ. උන්වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා එ් ගහේ වෙලිල නැගී සිටින වැල් වගේ. ගහේ එතුන මහ වැලක එතිල කුඩා වැල්වලටත් එ් ගහට නගින්න පුළුවන්.
”යමෙක් ධර්මය දකීද හේ මා දකී” මේ බුදු වදනක්. තථාගතයන් වහන්සේ අප්පටිම බවත් දේශනා කරල තියෙනවා. එ් කියන්නෙ ප‍්‍රතිමාවකින් හදල පෙන්වන්න බෑ. එ්කත් බුද්ධ වචනයක්. කය බුදු රජුන් නොවන බවත්, ධර්මය තුලින් ගිහින් බුදුන් දකින්න පුළුවන් බවත් පෙන්වා තියෙනවා.
ධර්ම රත්නය පවතින කල් අප්පටිම වූ බුදු රජුන් නුවණින්, ප‍්‍රඥාවෙන් දකින්න පුළුවන්. ප‍්‍රත්‍යක්‍ෂයෙනුත් එ් වගේම පූර්ණ ලෙස දකිනවා. බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රී දේහය ආදාහනය කරල ධාතුන් වහන්සේලා බවට පත් වුනත්, දහම තුලින් දැකපු අය ඉන්න කල් බුදුන් විද්‍යමානයි. එ් තමයි සත්‍යය. පරම වූ සත්‍යය දැක්කම ලොව්තුරා බුද්ධියේ මහිමය ඉතා හොඳින් පේන්න ගන්නවා. එ් වැටහීම ඇතිවෙන්නෙ සිතක.
ලිපුය තවදුරතත් කියවීම සඳහා එය බාගත කරගන්න
https://waharaka.com/data/hela_bodu_piyuma/volumes/79.pdf#page=5