පුවත් අංගය

අපගේ පුන්‍ය පුවත් අංගයෙහි වැඩිදුර තොරතුරු

වස විස ආහාරවලට එරෙහි විකල්ප

පෙර හෙළයන් ආහාරයට ගතත්, වස විස නැති, පෝෂණ ගුණයෙන් හා ඖෂධ ගුණයෙන් ඉහල තවත් ස්වභාවික කොළ ආහාර වර්ග කිහිපයක් මෙවරත් ඔබගේ ප‍්‍රයෝජනය පිණිස සටහන් කරනවා.

අස්වැන්න : උඳුපියළිය කොළයට වඩා ටිකක් විසාලව, දම් පාටට හුරු රෝස පාට මල් සහිතව හැම තැනම බහුලව වැවෙන පළා වර්ගයක්. බොහෝ දෙනෙක් ඖෂධයක් විදිහට විතරක් දැනගෙන හිටියත් ඉතාමත් රසවත් ආහාරයක්. මස් ලේ අඩුකමින් ශරීරය ඉතා කෘෂව වැඩිච්ච අයට කැඳක් විදිහට හදල භාවිතා කිරීමෙන් එ් තත්ත්වය පහ වෙලා ශරීරය වැඩෙන්න හේතු වෙනවා. පණු අමාරුවලටත් ඉතා ගුණදායකයි. එ් වගේම කාන්තාවන්ගේ මාස් ශුද්ධි අවස්ථාවල අධික රුධිර වහනය නතර කර ගැනමීටත,් ඇඟ උණු කරවා යාම කියන අක‍්‍රමිකතාවයටත් ඉතා ගුණදායකයි. රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්තයි. හෘද රෝගීන්ටත්, කිරි දෙන මව්වරුන්ටත් ගුණදායකයි. සාමාන්‍ය මැල්ලූමක් හදාගන්න ආකාරයට පොල්, ළුෑණු, ගම්මිරිස්, ලූණු... ආදිය එකතු කරල සිහින්ව ලියාගෙන සකස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොටුකොළ ව්‍යංජනයක් හදාගන්න ආකාරයට පොල් කිරි ටිකක්, ළුෑණු, ලූණු... ආදියත් එකතු කරල රසවත් ව්‍යංජනයක් විදිහට හදාගෙන ආහාරයට ගන්න පුළුවන්. එ් වගේම බැදුමක් ආකාරයටත් හදාගන්න පුළුවන්. අස්වැන්න ගහ සහමුලින්ම කොටාගෙන සාමාන්‍ය කොළ කැඳක් හදාගන්න ආකාරයට සකස් කරගෙන පානය කිරීමෙන් ඉහත සියලූ රෝග නිවාරණයට ගුණදායකයි. අක්මා රෝගීන්ටත් විශේෂයෙන් ගුණදායකයි.

කටු තම්පලා : රතු තම්පලා, සුදු තම්පලා, කටු තම්පලා, කූර තම්පලා, සාමාන්‍ය තම්පලා... ආදී වශයෙන් වර්ග කිහිපයක්ම දකින්න පුළුවන්. මේ සියලූ තම්පලා වර්ගවලින් සිද්ධ කරන්නෙ ශරීරයේ තැන් තැන්වල පැළ පදියම් වෙලා තියෙන වා පිත් සෙම්වලින් හට ගන්නා සියලූ අපද්‍රව්‍ය පලවා හැරීම. රතු තම්පලාවලින් රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිත රෝගාබාධත්, කූර තම්පලාවලින් ස්නායු පද්ධතිය ආශ‍්‍රිත රෝගාබාධත්, කටු තම්පලාවලින් අස්ථි පද්ධතිය ආශ‍්‍රිත රෝගාබාධත්, සුදු තම්පලාවලින් මොළය ආශ‍්‍රිත රෝගාබාධත්, සාමාන්‍ය තම්පලාවලින් මාංශ පේශි ආශ‍්‍රිත රෝගාබාධත් දුරු කරගන්න හෙළ වෙදකමේදී එ් එ් තම්පලා වර්ග වෙන වෙනමත් යොදා ගන්නවා.

විශේෂයෙන් කටු තම්පලා ශරීරය සිසිල් කරන ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම තීව්ර කරනවා. ශීර්ෂ රෝග සමනය කරනවා. රතු රුධිරාණු මට්ටම ඉහල දමනවා. ආමාශයේ සහ මහ බඩවැලේ කටු වගේ බැඳිල තියෙන කාරම් ඉවත් කරනවා. මළබද්ධය දුරු කරනවා. ශරීරයේ දරා ගැනීමේ ශක්තිය ඉහල දමනවා. මේ සියලූ තම්පලා වර්ග පොදුවේ ගත්තම ශරීරයේ හා සමේ පැහැපත් බව ඇති කරනවා, මළමුත‍්‍රා පහ කිරීමේ පහසුව ඇති කරනවා, ආහාර දිරවීම කාර්යක්‍ෂම කරනවා, රත්පිත් රෝග සමනය කරනවා. කටු තම්පලාවල කටු ඉවත් කරල සාමාන්‍ය ව්‍යංජනයක් විදිහට විතරක් නෙවෙයි, කැඳක් විදිහටත් පිළියෙල කරගන්න පළුුවන.් වේළල තයිාගෙන තෙ ්වෙනවුට තම්බල පානය කරන්නත් පුළුවන්.

ලිපු‍ය තවදුරටත් කියවීම සඳහා එය බාගත කරගන්න
 https://waharaka.com/data/hela_bodu_piyuma/volumes/79.pdf#page=28