පුවත් අංගය

අපගේ පුන්‍ය පුවත් අංගයෙහි වැඩිදුර තොරතුරු

සමාධිමය අත් බෙහෙත්...

වහරක අභයරතනාලංකාර මහ තෙරුන් වහන්සේ විසින් ගිහි වතක සිටියදී ගිලාන ප‍්‍රත්‍ය කටයුත්තක් වශයෙන් සළකා ලෝක සත්ත්වයා කෙරෙහි දයානුකම්පාවෙන් මතු කළ තවත් වටිනා ප‍්‍රත්‍යක්‍ෂ සමාධිමය අත් බෙහෙත් කිහිපයක් පින්වත් ඔබගේ ප‍්‍රයෝජනය පිණිස මෙවරත් සටහන් කරනවා. මීට පෙරත් සඳහන් කළා වගේ මේ හැම බෙහෙතක්ම එ් එ් පුද්ගලයන්ගේ කර්ම ශක්තීන්ට යටත්ව ප‍්‍රත්‍ය වන බව සළකන්න. එ් වගේම මේ බේත්වලට ගන්නා අමුද්‍රව්‍ය ප‍්‍රමාණයන් සඳහන් කරල තියෙන්නෙ, එකවර සෑහෙන පිරිසකට අවශ්‍ය ප‍්‍රමාණයකට නිසා, තමන්ට අවශ්‍ය පරිදි මේ අනුපාතයම එන විදිහට එ් එ් අමුද්‍රව්‍ය අඩු වැඩි කරල ගන්න පුළුවන්.

1. මූලාධාර චක‍්‍ර ප‍්‍රාණවත් කර රෝග රැුසකට ප‍්‍රත්‍ය වන ඖෂධයක්

අවශ්‍ය අමුද්‍රව්‍ය :- වියළි ගම්මිරිස්, වියළි ඉඟුරු, වියළි කුරුඳු පොතු කිලෝ 3 බැගින්, පැණි කොමඩු යුෂ බෝතල් 3 යි, දිය තිප්පිලි ඉස්ම බෝතල් 3 යි, අසමෝදගම් ස්ප‍්‍රීත්තු බෝතල් 3 යි, බැදපු කොල්ලූ පිටි කිලෝ 3 යි, කහ පාට සහ නිල් පාට (කොළ) උණ බොඩවලින් සම සමව ඉස්ම බෝතල් 3 යි, ස්වභාවික පොල් විනාකිරි බෝතල් 3 යි, සම්පූර්ණ ගෙඩිය පිටින්ම කොටා මිරික ගත් දේශීය දෙළුම් ඉස්ම බෝතල් 3 යි. (මේ ඉස්ම ගන්න අමුද්‍රව්‍ය සියල්ලම වතුර නොදා ඉස්ම විතරක් ගත යුතුයි.)

මේ සියල්ල එකට අඹරගෙන සෙල්සියස් අංශක 50 ට අඩු උෂ්ණත්වයකින් හෝ සුලං යන්ත‍්‍රයක් ආධාරයෙන් හෝ වේළගෙන ගුලි කරගන්න පුළුවන් පදමට ආවම කෝපි ගෙඩි පමණට ගුලි කරල හොඳට වේළල තියාගන්න. උදේ, දවල්, රාත‍්‍රී ආහාරයට පසු ගුලි 1 බැගින් මාස 3 ක් ගන්න.

මේ ඖෂධය පාවිච්චි කිරීමෙන් කොඳු ඇට පෙළේ වේදනා, පාදවල වේදනා, මාස් ශුද්ධි වේදනා දුරු වෙනවා. මූලාධාර චක‍්‍ර නිසි ලෙස ක‍්‍රියාත්මක වෙනවා. හෘදයාබාධ දුරු වෙනවා. ආතරයිටීස් සමනය වෙනවා. මානසික බලය වර්ධනය වෙනවා.

2. රතගාය, සියලූ සෙම් ආබාධ, කොලෙස්ටරෝල්, ආතරයිටීස්, දියවැඩියාව ඇතුළු රෝග රැුසක් සමනයට පැණියක්

අවශ්‍ය අමුද්‍රව්‍ය :- ඉඟුරු මල් ඉස්ම බෝතල් 10 යි (සමහර කාලවලට ඉඟුරු පඳුරේ මැදින් දණ්ඩක් ආකාරයට ඇවිත් බඩ ඉරිඟු කරලක් වගේ පිපෙන මල්. මේ ඉස්ම වතුර නොදා හදාගන්න පුළුවන් නම් වඩා හො`දයි. නැත්නම් ඉස්ම ගන්න පුළුවන් ප‍්‍රමාණයට පමණක් වතුර පොඞ්ඩක් එකතු කරන්න.), පිරිසිදු කිතුල් පැණි බෝතල් 5 යි. මේ දෙකම ලිපේ තියල අංශක 70 ට නොවැඩි උෂ්ණත්වයක බස්සවගෙන පැණි කරල තියාගන්න. වසර 3 ක් තියා ගන්න පුළුවන්.

කුඩා දරුවන්ට රතගාය කියන රෝග තත්ත්වයේදි මේ පැණියෙන් උදේ වරුවේ තේ හැඳි 1/2 බැගින් දින 10 ක් පමණ දෙන්න.

වැඩිහිටියෙකුට උදේ, රාත‍්‍රී තේ හැඳි 1 1/2 බැගින් කෑමට පසු ගැනීමෙන් සෙම් ආබාධ නිසා එන හමේ කළු රතු පැල්ලම් ඉවත් වෙනවා. සියලූ සෙම් ආබාධ සමනය වෙනවා. ඇලදිව, අක්මාව යථා පරිදි ක‍්‍රියාත්මක වෙනවා. නහරවල බැඳුන කොලෙස්ටරෝල් දිය කරල ඉවත් කරනවා. ලේ ගමනාගමනය නිසි පරිදි ක‍්‍රියාත්මක වෙනවා. ආතරයිටීස් සමනය වෙනවා. ශරීරයේ ඉදිමුම දුරු වෙලා ස්වභාවික තත්ත්වයට පත් වෙනවා. දියවැඩියාව සමනය වෙනවා.

3. ඇස්, මොළය හා සම්බන්ධ ආබාධ සුව වීම සඳහා

අවශ්‍ය අමුද්‍රව්‍ය :- මහ ඇඹිල්ල ගහේ කොළ දළු, මල්, ගෙඩි, මුල්, පොතු ග‍්‍රෑම් 500 බැගින්, නිවාගත්ත උණු වතුර බෝතල් 3 යි, පෙනේරයකින් හලා ගත් ලිපේ අළු කිලෝ 2 යි (මේ අළු ලබා ගැනීමට කුරුඳු දර කැබැල්ලක් සමග පොල් පිති කැබැල්ලක් හෝ පොල් කොළපුවක් හෝ පොල් ලෙල්ලක් හෝ එකතු කළ යුතුයි. වෙනත් දර තිබුනට ගැටළුවක් නෑ. මේ වර්ග දෙක අනිවාර්යයි.), වතුර නොදා ලූණුවිල කිලෝ 8 ක ඉස්ම, සහිඳ ලූණු ග‍්‍රෑම් 150 යි, ඇට ඉවත් කරගත් පිරිසිදු රටඉඳි කිලෝ 3 යි, පිරිසිදු මුද්දරස්පලම් කිලෝ 1 යි.

මහ ඇඹිල්ල ගහේ පස්පංගුව කොටාගෙන නිවාගත්ත උණුවතුරින් මිරිකගෙන ලිපේ අළු එ් දියරයෙන් දිය කරගෙන පෙරහනකින් පෙරා ගන්න. පෙරා ගත්ත දියරයට ලූණුවිල ඉස්ම ටික එකතු කරල සහිඳ ලූණු, රටඉඳි, මුද්දරස්පලම් අඹරගෙන එ් සියල්ලමත් එකතු කරල සෙල්සියස් අංශක 80 ට නොවැඩි උෂ්ණත්වයක බස්සවල චූර්ණ මට්ටමට එනකොට බාගන්න.

අවුරුදු 5 ට අඩු දරුවන්ට උදේ හිස් බඩ සහ රාත‍්‍රී නින්දට පෙර තේ හැඳි 1/2 බැගින්, අවුරුදු 11 ට අඩු අයට තේ හැන්ද බැගින්, 11 ට වැඩි අයට තේ හැඳි 1 1/2 බැගින් සති 3 - 6 අතර කාලයක් සුව වෙනකල් දෙන්න.

මේ චූර්ණය ගන්නකොට බඩ විරේක වෙන්න පුළුවන්. මොළය හා සම්බන්ධ ආබාධ සුව වෙනවා. මොළයේ සිවිවලට, සියුම් කේශනාලිකාවලට ලේ ගෙනියන නහර අවහිර කරන කොලෙස්ටරෝල් වර්ගයක් නිසා ඇස් සිවිය දුර්වල වෙලා සුදින් වැසුන අවස්ථා තියේ නම්, එ් කොලෙස්ටරෝල් දිය කරල ඇස් විරේක වෙනවා. එ් වගේ අවස්ථාවල ඇස්වලින් කබ එන්න පුළුවන්. අවසානයේ එ් අපද්‍රව්‍ය ඉවත් වෙලා නිරෝගි වෙනවා. එතකොට නැවතත් ඇස් සිවි පෝෂණය වෙලා පෙනීම ලැබෙනවා.

එ් වගේම මීට අමතරව ඇසේ සුදට මේ ප‍්‍රතිකර්මයත් කරන්න. අඩි හත අටක් විතර දිග කොරසවැල් කැබැල්ලක් දෙපැත්තෙන් (අග, මුල) කපල අග පැත්තෙන් එල්ලල තිව්වම මුල පැත්තෙන් ජලය වෑස්සෙනවා. එ් ජලය පෙරාගෙන සීතකරණයක තියාගෙන උදේ 7 ට විතර හා දවල් 2 ට විතර ඇස් දෙකට බිංදු 4 බැගින් දමන්න. මාස 3 ක් විතර යනකොට ඇසේ සුද ඉවත් වෙලා පෙනීම ලැබෙනවා. ඇස්වල වපර තියෙන අයටත් මේ ප‍්‍රතිකර්මය හොඳයි. වපර ගතිය ඉවත් වෙනවා.

4. ධාරණ ශක්තිය වඩවා මානසික අසමතුලිතතාවය දුරු කිරීම සඳහා

අවශ්‍ය අමුද්‍රව්‍ය :- පැහිච්ච අමු ආනමාලූ ගෙඩිවල අග මුල ඉවත් කරල ලෙල්ල සමග පෙති ගහල වේළල කුඩු කරල පෙනේරයකින් හලාගත්ත පිටි කිලෝ 1 යි, විස හැරපු නෙල්ලික්ක ගෙන්දගම් ග‍්‍රෑම් 10 යි, ගුලි කරගන්න අවශ්‍ය ප‍්‍රමාණයට අබ කොළ සහ ද`ඩු කොටා වතුර නොදා මිරික ගත් ඉස්ම. (කරල් හටගන්න පෙර අබ කොළ සහ ද`ඩු කඩාගත යුතුයි. මොකද කරල් ආවම ගහ වේලිලා යන නිසා ඉස්ම ගන්න අපහසුයි.)

නෙල්ලික්ක ගෙන්දගම්වල විස ඉවත් කිරීමට පහත ක‍්‍රමය අනුගමනය කරන්න. සමහර විට වෙළඳසැල්වල විස ඉවත් කරපු නෙල්ලික්ක ගෙන්දගම් කියල විකුණන්න තිබුනත්, නැවත වරක් පහත ක‍්‍රමය අනුගමනය කිරීමෙන් 100% ක්ම විස ඉවත් වුනා කියල තහවුරු කරගන්න පුළුවන්. එ් වගේම මේ බේත හදනකොට ඇළුමිනියම් වගේ ප‍්‍රතික‍්‍රියා කරන භාජන යොදා නොගන්නත්, පිරිසිදු අමුද්‍රව්‍ය යොදා ගන්නත් සැළකිලිමත් වෙන්න ඕන.

පිරිසිදු එළඟිතෙල් බෝතල් 1/2 ක් ලිපේ තියල රත් වෙනකොට එ්කට නෙල්ලික්ක ගෙන්දගම් ටික එකතු කරන්න. රත් වෙලා දිය වෙන මට්ටමට එනකොට නෙල්ලික්ක ගෙන්දගම් රතු පාටට හුරු පැහැයක් ගන්නවා. හොඳින් විස හැර ගත යුතු නිසා විටින් විට හැඳි ගාන්න. ඉන්පසු රස්නෙ පිටින්ම බාගෙන, කල් නොයවා ප්ලාස්ටික් නොවන රෙදි හෝ වෙනත් ද්‍රව්‍යයකින් හදපු ගොටුවකින් පෙරාගෙන පිරිසිදු නැවුම් අමු එළකිරි බෝතලයක් (මිලි ලීටර් 750 ක්) එ්කට එකතු කරල විනාඩි 10 - 15 ක් පමණ හෙල්ලෙන්නෙ නැතිවෙන්න තියන්න. කිරි ටික හෙමිහිට පෙරල ඉවත් කරගත්තම භාජනය පතුලේ විස ඉවත් වෙච්ච නෙල්ලික්ක ගෙන්දගම් ටික හකුරු වගේ තැන්පත් වෙලා තියෙනවා. එ් ටික ඉවත් කරගෙන හොඳින් කුඩු කරගන්න.

දැන් ආනමාලූ පිටි සහ විස හැර ගත් නෙල්ලික්ක ගෙන්දගම්, අබ කොළ සහ දඬු සමග කොටා මිරිකගත් ඉස්මෙන් හොඳින් අනාගෙන කෝපි ඇට පමණට ගුලි කරල වේළල තියාගන්න.

අවුරුදු 5 ට අඩු දරුවන්ට රාත‍්‍රී නින්දට පෙර ගුලි 1 බැගින්, ඊට වැඩි අයට ගුලි 2 බැගින් වතුර ටිකක් සමග දෙන්න. මාස 2 ක් පමණ දීම ප‍්‍රමාණවත්.

මේ බෙහෙත්වලින් නිතර නිතර මුත‍්‍රා කරන, නිතර වැසිකිළි යන, නිතර ආහාර ගන්න හොයන, එක වැඩක බොහෝ වෙලාවක් යෙදිල ඉන්න බැරි, ඉවසීමක් නැති, අවවාද නුරුස්සන මෙබඳු ගති දුරු වෙනවා. නින්දෙන් මුත‍්‍රා යාම, මළපහ වීම, දෙඩවීම, ඇවිදීම, නිදාගත්ත තැන නොසිට දැඟලීම... ආදී අසාමාන්‍යතා දුරු වෙනවා. මනස සමතුලිත වීම නිසා ධාරණ ශක්තිය වැඩෙනවා.

(සැ. යු. :- නෙල්ලික්ක ගෙන්දගම්වල විස ඉවත් කිරීම නිසි ආකාරයට සිද්ධ කරගත යුතු නිසා හොඳින් අත්දැකීම් තියෙන කෙනෙක් ලවාම මේ බේත සාදවා ගත යුතුයි. දැනට වහරක අරිය චින්තාශ‍්‍රම විහාරස්ථානයේ සිදුකෙරෙන අරි සිතුම් සුවසෙත වෛද්‍ය සායනයෙන් මේ බේත ලබාගන්න පුළුවන්.)

සටහන
නීතිඥ චන්දන සිරිවර්ධන

ලිපු‍ය තවදුරටත් කියවීම සඳහා එය බාගත කරගන්න
 https://waharaka.com/data/hela_bodu_piyuma/volumes/79.pdf#page=31