සංරක්ෂිත පුවත්

සෝතාපන්න වීම කෙසේ සිදුවේද?

ලො ව්තුරා බුදුවරයන් වහන්සේලා සහ පසේ බුදුවරයාණන් වහන්සේලා හැර, යම් නැණවතෙක් තනියෙන් කොහොම කල්පනා කළත්, හට ගත් සියල්ල හේතු ඵල ධර්ම බවත්, හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වන බවත් වැටහිලා, එයින් මාර්ග ඵලවලට පත්වීමක් සිද්ධ වෙන්නෙ නෑ. බණ අහන මොහොතකම සෝතාපන්න මාර්ග ඵලය ලබන බව දහම් නියමයක් විදිහට බුදු දහමේ සඳහන් වෙනවා. සෝතාපන්න ඵලය පරතෝඝෝෂක ප‍්‍රත්‍යය (වෙනත් කෙනෙක් විසින් නගන හඬ අසා) මුල් කරගෙනම පහල වෙනවා.

වැඩිදුර කියවන්න

බ‍්‍රහ්ම විහාරයෙන් නිවන් දකිමු.

ලො ව්තුරා බුදුන් වහන්සේ ඇතුළු අරිහතුන් වහන්සේලා ඉහාත්ම සුඛ විහරණය සඳහා වාසය කරන විදිහක් තියෙනවා. එ් කියන්නෙ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේලා සුවයෙන් වාසය කරන විදිහ. විහාරය කියන්නෙ වාසය කරන විදිහ. විහාර තුනකින් උන්වහන්සේලා වාසය කරනවා. එ් තමයි දිව්‍ය විහාරය, බ‍්‍රහ්ම විහාරය සහ අරිය විහාරය. මේ ක‍්‍රම තුනෙන් එකකින් තමයි උන්වහන්සේලා වාසය කරන්නෙ.

වැඩිදුර කියවන්න

මළපොතේ අකුරක්වත් නොදත් ගිහියෙක් සෝවාන් වෙන්නෙ කොහොමද?

මේ කාලයේ තියෙන තවත් මතයක් තමයි මේ. ”මෙච්චර බණ භාවනා කරන මහ තෙරවරුන් වහන්සේලාටත් මගඵල ලබා ගන්න අමාරු නම්, එක ගාථාවක්වත් ඉගෙන ගෙන විස්තර කරන්න බැරි, මළපොතේ අකුරක්වත් දන්නෙ නැති ගිහියෙක් සෝවාන් වෙන්නෙ කොහොමද?” මේ සමහර අය නගන තර්කයක්. මිනිස්සුන්ගෙ අදහස් එ් විදිහෙ බව හැබෑවක්. එ්ක පුදුම වෙන්න කාරණයක් නෙවෙයි. ලොකු ප‍්‍රතිඵලය, පිටින් ලොකුවට පෙනෙන කෙනාට දෙන්න හිතීම පෙරත් පැවතුන සිරිතක්.

වැඩිදුර කියවන්න